Tuesday, February 14, 2012

A/L ඇන ගැනීම..!! (part 1 )


 මේ කියන මං සිද්දිය උනේ , මං අපොස සා.පෙ  එහම ඉවර වෙලා A/L කියන අන්ඩර දෙමලේ කරන්න පටන් ගත්ත මුල් කාලේ. O/L නම් ගෙමක් නැතිව උඩින්ම ගොඩ දාගත්තා ට කවුද බොලේ හිතුවේ A/L මේ විදියට අජුත වෙලා යයි කියලා, කොහෙමෙන් කොහෙමන් හරි උසස් පෙළ කරන්න ආපු මුල් කාලේ තිබ්බ කැපවීම , ටිකක් කාලෙකින් අජ්ජකොරෝස් වෙලා , නැත්තටම නැති වෙලා ගියා., මෙන්න කොහෙමෙන් කොහෙමන් හරි විබාගෙට සති 5  ද කොහේදෝ

එක දවසක් උදේ පාන්දරම "අසිත " අයියාගෙන් මට කෝල් එකක් අවා, අසිත කියන්නේ මට ඒකාලේ ඉදන් මේ වෙනතුරු ලගින්ම හිටපු හොදම බොක්කක්, මිනිහ මගේ ලොකුඅම්මගේ පුතා, මේ යකා උදේ පාන්දරම කෝල් කරලා කියපි "පොඩ්ඩෝ මේ පොඩි  උදව්වක් ඕනේ බන් ", "අවුලක් නැහැ බන් ඕනේ මගුලක් කිය්හං " මාත් කිව්වා

"අඩෝ  මල්ලි මේ බයික් එක අරන් වරෙන්කො හසලක යන්න, බෑ කියන්නම් එපා පුතෝ ..!! " මටත් නිකන් උදේ පාන්දරම පොල්ල්ලෙන් ගැහුවා වගේ, "මොන හු**" බන් ,මොන මගුලටද බන් යන්නේ , බලහං මට සති 5 යි  බන් ,  ඒ අස්සේ අද අරකිව හම්බෙන්න යන්නත් ඕනේ ..!! , හෙට යමන් ද ??"" මන් කිව්වා

"හෙට බෑ බන් , මේකයි සීන් එක චුටි අක්කගේ අත්තම්මා මලඃ , උන්දැව මහා ගෙදර අරන් ගිහින් , එහෙ යන්න ඕනේ බන් " පොරත් මට අනික පැත්තට කිව්වා , චුටි අක්ක කියන්නේ අසිත අයියා ගේ  ගැල්ලමයා, ම්නිහත් ඒකාලේ සැහෙන්න ඔකද වෙලා හිටියේ ,

දැන්ඉතින් මොනා කරන්නද, පලයන්කෝ හසලක , "හා යමන්කෝ එහනම් මන් ගේ ගාවට එන්නම් 9.30 විතර ලෑස්තිවෙලා හිටපං කියලා "ගෙවල් වල මිනිස්සුන්ටයි මගේ කුමාරිහාමිටයි කියන්න බොරු 2 ක 3 ක් සෙට් කරගත්තා

"අම්මා.. මං  ලහිරුලාගේ ගෙදර යනවා chemistry papers ටිකක්  කරන්න .. මට කෝල් එහම දෙන්න එපා , මන් කොහොමත් එහෙ තමයි , එනකොට හවස් වෙයි ..." මෙහෙම  කියලා උදේ බත් ටික  සුටුස්‌ ගාලා ගිලලා,  බයික් එක අරන් මන් ගෙදරින් පැන්නා,

 අසිත අයියාගේ ගෙවල් තිබ්බේ තෙල්දෙණියේ ,මුලිනම් ම මාතලේ පැත්තෙන් හසලක යන්න හිටියත් පොර ව ගෙදරින් ගන්න එක ලේසි නිසා මහියංගනේ පැත්තෙන් යන්න  හිතුවා . කොහොම හරි  අපි 10 විතර තෙල්දෙණියෙන් පිටත් උනා ,  වැඩේ කියන්නේ මේ කාලේ අම්බානක මහියංගනේ පාරේ වැඩ ..!! එහනම් ගල්බොර දානවා කියලා  වාහන නවත්තනවා , කොහොම හරි අපිට ඉක්මනට ගිහින් අයෙ අම්මා වැඩ ඇරිලා එන්න කලින් ගෙදරට වාර්තා කරන්නත් එපයි., ඉතින් කොහෙමෙන් කොහෙමන් හරි උඩුදුම්බර ට අවා , මල මගුලයි පාර වහලා ,ගල්  බොර දානවලු ..!! කොහොම්නේ කොහෙමන් හරි ඔතන පැය 1/2 විතර හිටියා , ඔතන හිටපු ඩයල් එකක් අපිත් එක්ක  කයියට සෙට් වෙලා හිටියේ

මිනිහා අපෙන් විස්තර අහලා , මචං වරෙන්කො මේ ළගින් පොඩි ලග පාරක් තියනවා, 18 උඩින සෙට් වෙන එකක් ,  එකේ පලයන් , කිසි අවුලක් නැහැ , කියලා උඩුදුම්බර ළගින් පොඩි පාරක් පෙන්නුවා, අපිත් ඉතින් ඔන්න ඔහේ  යමන් කියලා  ගියා , පාරේ නම නම් මතක නැහැ හැබැයි පාරනම් පට්ට, ලොවෙත් නෑ, මාරම ලගයි , හැබැයි බලුබල්ලෙක් නැහැ පාරේ , අන්තිම වෙන්න තියනවා, අර පර හදන උන්ගේ වාහන නවත්තන yard එකක් තියනවා

කොහොමෙන් කොහෙමෙන් හරි මහියංගනෙන් හසලකට හැරෙව්වා , ටිකක් වෙලා යනකොට කරුමෙට වැස්සක් අවා , දැන්  මොනා කරන්නද නවතින්නත් බැහැ, මගෙයි අයියාගෙයි ෆෝන් 2 අරන් මල්ලක දාලා එක උඩින ඉදගත්තා , අපි දෙන්න ගෙන එකෙක්වත් ජැකට් එකක්වත් දාල නැහැ, දැන් අම්බානක නාලා , මොනා කරන්නද යන්නත් එපයි
.
 අපි ඔහොමම ගියා , මෙන්න  ටිකින් වැස්ස නැවතුනා, අව්ව වැටෙන්න ගත්තා, කොහෙමෙන් කොහොමෙන් හරි මගේ shirt එක ලාවට වෙලිලා තිබ්බා, ඩෙනිම නම් තෙටයි , කොහොමෙන්  කොහොමන් හරි මලගේදරත් අවා වෙලාව දවල් 1 ට විතර ඇති

 මම නම් ගිය ගමන් කාලා , සයිඩ් ගහල කයියක් දාගෙන් උන්නා , මගෙත් එක්ක අපු මෑන් කොහෙද නැහැ, කොහේ හරි ඔකද වෙලා ඇති කියල ටිකක් වෙලා ඉදලා, බොහොම අමාරුවෙන් මිනිහත් හොයාගෙන අපහු ගෙදර එන්න ගත්තා

කොහොම හරි නුවරට එනකොට 4 ට විතර ඇති , වෙලාවට අම්ම වෙලාවට ගෙදර ඇවිත් තිබ්බේ නැහැ .
හැබැයි පහුවදා වෙනකම් අගේ පතේ රුදාව නොසහෙන්න තිබ්බා පෙනඩෝල් 2 ක බිලා දවසම නිදාගත්තා .
ඔන්න ඔය වගේ අලුගුතේරු වැඩ කරලා තමයි A/L කෙලවා ගත්තේ..!! (හැබැයි එව්වගේත් පොඩි ජොලියක් තියනවා..!! )

Tuesday, February 7, 2012

දනියා ට facebook account එකක් ..

 ඔය සිද්දිය උනේ, මට මතක විදියට ෆේස් බුක් කියන අටමගලේ ආපු මුල් කාලේ, ඔන්න ඔය කාලේ අපිත් එක්ක හිටපු එකක් වෙච්ච දනියාට ට ඕනේ උනා account එකක් හදා ගන්න, මූ ගැන කියනවනම් මුගේ ඇග පුරා මොලේ, රෙද්දක් පෙන්නුවොත් කපලා, මහලා ඇදගෙන , "හරිද කියලත් " අහන ජාතියේ එකෙක්..!(හැබැයි ඒ කාලේ , දැන් නම් හෙන මීටරේ ) 

ඉතින් මුත් ඉදල ඉදල දවසක හැන්දෑවේ අපේ ගෙදර ආවා, "මචං පොඩ්ඩෝ මටත් account එකක් හදල දියන්කෝ බන් " ඉතින් මාත් ගත් කටටම කිව්වා  "එහනම් මෙහෙ ආවේ ,පලකො බැංකුවකට ", "එහෙම රෙද්දක් නෙවෙයි ප* මට facebook එකේ account එකක් හදල දියන්කෝ " එහම කියල මේක මගේ ඇගට පැන්නා..! මලඃ දන ඉතින් මුටත් හදපියකෝ account.

ඔන්න ඔය වෙලාවේ තමා මගේ අතිජාත පාප මිත්තරයෙක් වෙච්ච ලහිරුවා දොර කඩාගෙන මගේ කාමරේට රිංගුවේ.." ලහිරුවත් එක්ක තමා මං කරපු කිජිත ජල්බරි ගේම් ගොඩක්ම දුන්නේ ..

මේ බලහං බන් මුට account එකක් හදල දියන් කියන්නේ " මං ලහිරුවට කිව්වා."එව්වා එහෙම ආවාට ගියාට කරන්න පුළුවන් වැඩ ද  බන් " කියපු ලහිරුවා පොඩි  signal එකක් දුන්නා, මටත් තේරුනා මොකක් හරි ජල්බ්රියක් දෙන්න පුළුවන් ගේමක් තමා යන්නේ කියලා

මං ->  අහ්හ් ඔව බන් දනියෝ, එව්වා එහෙම ආවාට ගියාට කොරන්න පුළුවන් වැඩ නෙවෙයි බන් , ඕකට පොඩි  බඩු වගයක් තියනව ඕනේ කරන..!!

දනියා -> ඉක්මනට කියහන්කෝ, මොන මගුලක් හරි උස්සන් එන්න 

ලහිරු -> මෙහෙමයි බන් , ඕකට පින්තුරයක් එහෙම දානවා නේ බන් , එක නිසා උබේ පාස්පොර්ට්  size photo 3 ක් ඕනේ බන් , තව identity card එකේ කොපියකුත් ඕනේ බන් ..
මං -> ඔව බන් , ලංකාවේ branch එකේ මන් දන්නා එකෙක් ඉන්නව බන්.. උට කියල වැඩේ ලේසියෙන්ම කර ගන්න පුලුවන් වෙයි, ඔව බන් උගේ ගෙවල් තියෙන්නේ දිගන පැත්තේ බන්, මං හිතන්නේ ඉරිදා man ගෙදර..

දනියා -> අහ්හ් එළකිරි , මන් එහනම් අනිද්දා දිගන යන්නම් , උබ උට කියල කියහං  මන් එනව කියලා
මං-> එල , හැබැයි පුතෝ අර ඕනේ බඩු ටික අරන් පලයන් ..! දන්නවා නේ ඉතින්

දනියා -> හරි , යකෝ ..  මේ මං දැන් ගෙදර යනවා බන් , හෙට උදේ ගිහින් photo දෙක තුනක්  ගන්න ඕනේ බන් 

 මෙහෙ කියලා මු ගෙදර ගියා..,  ඉතින් කාලෙකින් ලනුවක් දීමේ ප්‍රීතිය ගැන සහ ඉදිරි වැඩ පිළිවෙල සාකච්චා කර කර ඉදලා, ලහිරුවත් ගෙදර ගියා
    


මෙන්න බොලේ අනිද්දා ලහිරුවා අපේ ගෙදර එනවා දුවගෙන, "කොහෙද හු** දුවන්නේ ?? "මන් ඇහුවා 
" නෑ බන් මෙන්න අරු දිගන යනවලු , මු අහනවා කොතනද බහින්නේ කියලා ..?? " ලහිරුවා කිව්වා 

මල රෙද්දයි, දැන් මොකෝ කියන්නේ, මේ බන් කියහං උට අයෙ ගෙදර වරෙන් කියලා, අද උ ගෙදර නෑ කියලා ..!!

මල රෙද්දයි, 
මුට තේරුනා අපි දුන්නේ බුල්ටෝ එකක් තමා කියලා
අම්මටසිරි මෙන්න බොලේ  දනියාට නැග්ගේ නැතා එකසිය ගානට..මේකා දැන් බනිනවා හෝ ගලා නොදන්නා කුනුහරපත් එක්ක අහගත්තා නියමෙට..

හැබැයි අත්නිමේදී මු  අපිත් එක්ක සති 2 ක කතා විතර කාතා නොකර හිටියා, පස්සේ ඉතින් බොහොම අමාරුවෙන් shape කරගත්තා, දැන් නම් මූ එල කොල්ලෙක් , මොරටුවේ 1st year ද කොහේදෝ ..!


"මචං account එකක් හදමුද කියල අහපු ගමන් අපේ මලගිය උන්ටත් මෙන්ම ඒ ගේ මව් පර්ශවෙටත්  එක්ක පින් දීමේ මහා බලයක් මූ  තුල සැගවී තියනවා ලු  "

Sunday, February 5, 2012

chemistry paper එක කොපි කරපු හැටි ..

මේකත් උනේ ඉතින් අපි A/L කරන කාලේදී .. ඔය කාලේ ඉතින් ඉස්කෝලේ හිටියනම් ඒ එක්කෝ කොහෙන් හරි යන්නම නැති උනොත් තමා ..!!, ඔය කාලේදී ඉදලා ඉදලා වාර විභාගෙත් අවා..class වල බැහැලා chemistry නම් අන්ජකොරෝස් වෙලා තිබුනේ .මොකද ඉස්කෝලෙදි chemistry period එක තිබ්බෙත් interval එකන් පස්සෙලු ..!! ඒ කියන්නේ අපි ඒ වෙලාවට ගෙදර.

දැන් මොනා කරන්නද , විභාගෙත් කට උඩට අවා .. කරුමෙක මහතා කියන්නේ අපේ නැන්දි ත් මොන ඉලව්වකට හරි අපේ ඉස්කෝලෙට transer එකක් හදාගෙන ඇවිල්ලා .. උන් දෑ උගන්වන්නේත් chemistry ලු , දැන් මොනා කරන්නද පැනිලි බොරු ..!

විභාගේ හෙට කියල ගැහුවා හෙන පත පටියක් ..! දැන් ඕක කොහොමෙන් කොහොමෙන් හරි exam hall එක උස්සගෙන ගියා කියමුකෝ , මට එහා පැත්තේ හිටියේ වරුණ යා , මු ගෙන ඇම්ඩා, ඒකාලේ ඉදන්ම , ඔන්න දන ඉතින් අපි set එක  විභාගේ ලියනවා , ලියනවා කිව්වට ලියන්නෙම නෑ, බලා ලිවිම තමා කොරන්නේ ..

ඔන්න අවා අපේ chemistry මැඩම්, දැන් ඉතින් මෙයා යන්නේ නෑ, මගෙයි වරුණයා ගෙයි  වටේ කැරකි කැරකි පේපර් එක ට එබී එබී ඉන්නවා .. දැන් මොනා කරන්නද පටිය දිග අරින්න විදියකුත් නෑ ,

ඔන්න ඔය වෙලාවට තමා වරුන යාට ටිකිරි මොලේ ආවේ , මූ ටිකකින් නහය වහගෙන මගේ දිහා බලලා පොඩි signal එකක් දුන්නා , මන දන ගත්තා මු මොකක් හරි මගුලක් කොරන්න තමා යන්නේ කියලා , මාත් කෝකටත් නහය වහ ගත්තා , මෙන්න මූ එක පාරටමහෙන හයියෙන්  "අඩෝ බලු ගූ ගදක් එනවා ....!! "කියලා මැඩම්ගේ යට ඉදන්ම උඩට බැලුවා ,දැන් කස්ටියම එතුමිය දිහා බලනවා , දැන් හෙන නෝන්ඩිය .. විනාඩි එක හාමරක්‌ ගියේ නෑ මැඩම් මුණ ජම්බු ගෙනියක් කොරගෙන ගියා එලියට ..

ඉන්පසු මං තුමා ඇතුළු හුදී ජනයා නිසි පරිදි බලා ලිවිම කරා , අයෙමත් එනකන් ....

පොඩ්ඩා ගැන ...

ඔන්න ඉතින් ඉදල ඉදල ඉදලා මටත් පොඩි මෙව්වා එකක් අවා blog එකක් ලියන්න .. මුලින්ම ඕකට idea එක ආවේඅභීත අයියාගේ  ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න කියෙව්වට පස්සේ .. එකන් පස්සේ එක හුස්මට දවස 2 න සදරු සර් ගේ හිස අහස කියවලා දැම්මා . හැබැයි අද වෙනකම්ම ඉවර කරන්න බැරි උනා අපේ කතන්දර uncle ගේ කතන්දර එක කියවන එක ..

මං වනාහි අම්බ කම්ම්ලියෙක් බව අපේ නෑ පරපුර මෙන්න අපේ මෑණියන් වහසේද පවසයි ..!එතුමිය පවසන පරිදි "තොට ඕක තේරෙන්නේ ගෑනියක් ගත්ත දවසට , බැනුම් අහනකොට  " යයි  නිතර පවසයි..!! අලෙ මන්දල්ලේ නෑ අප්පා ..! කොටින්ම මට ඒ ඒ කාලේ ඉදන්ම කරේ , උනේ ,වෙන්නේ  මහා පරිමානයේ අලුගුත්තේරු වැඩමය ..කොටින්ම අහක යන එව්වා පවා මගේ account එක වැටේ ..!

 දැන් නම් ටිකක් කම්මැලියි වගේ අෆ්ෆා ..ඔය  අලුගුත්තේරු  වැඩ ටික හෙමිට දාන්නම්කො ..!