Wednesday, October 31, 2012

බෙට්ටක් කවපු හැටි..!!


එකෙක්ට බෙට්ටක් කවපු හැටි..!!


ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සේ ,කුජිත ජල්බරි  කතාවකින් ම වැඩ පටන් ගන්නයි හිතුවේ. ඇත්තටම මේ කතාව ලියන්න කියලා හිතුනේ අද දවල්  නුවරදී සෑහෙන පරණ බොක්කක් වුන රංගයා සෙට් උන නිසා.
කොහොම හරි අතීත කතා මතක් කර කර "සිරි රම්‍යා " එකට වෙලා ෆ්‍රයිඩ් රයිස් දෙකකට වග කියන්න පටන් ගත්තා

මේ කියන්න යන කතාවත් උනේ අපි A/L කරන කාලේ , මේ කාලේ වෙනකොට අපිට හිටිය පෙන්නන් බැරි එකෙක් තමා "ඉසුරුවා " නොහොත් ජෝලා හෙවත් තකපුඩියා හෙවත් දෙන්නා , මෙකි නොකි හැම නමකින්ම කතා කල ජෝලා අපිට හෙන වාතයක් වෙලා හිටියේ, මොකද මු අපි කරන හැම අලුගුත්තේරු වැඩක්ම සර් ලාට හැරෙන තැපෑලෙන් කියන නිසයි.ඔන්න ඔය කාරනා නිසා මු වලි දෙක තුනකින්ම ගෑවී නොගෑවී ගිය චරිතයක් උනා,

හැබැයි මු වචනයේ පරිසාමාප්ත අර්ථයෙන්ම හෙන බඩචාරියෙක්, කොටින්ම අමු පෙරේතයෙක්. කොහොමින් කොහොම හරි මුට වැඩක් දෙන්න ඕනේ කියලා මමයි , බරියයි , රංගයයි සෙට් වෙලා plan එකක් සෙට් කරමින් උන්නේ. ඔන්න එතකොටම එහා පන්තියේ හිටිය ගයියා හෙවත් ගයාන් ලැවරියා දෙකක් උස්සගෙන අපේ පන්තියට අවා, ඔය දෙකටත් වග කියන ගමන් අවා ටිකිරි idea පාරක් ,

කොහොම හරි ඉස්කෝලේ වත්ත වටේ ට හොයලා " බෙර වෙච්ච කට්ටක් "  (මද පමණින් කර උන) හොයාගෙන මල්ලක දාගෙන කැන්ටිමට අවා, ඉන්පසු සිහින් ව කැබලි කරගත් "බෙර උන කට්ට " ලැවරියා එකක් මැදට දමා තව ලැවරියා දෙකක් ද රැගෙන නමෝ විත්තියෙන් පන්තිය බලා පිටත උනා.

කොහොම හරි ගයියා ට මේක දීලා කිව්වා  interval  අපේ පන්තියට දාපං කියලා.. හැබැයි අර ඔරිමජිනල් නැති දෙකේ අපි කැල්ලක් කළා තිබ්බා, , කොහොම හැටි ඉන්ටර්වල් එකත අවා , කොහොම හරි ගයියා දුවගෙන ඇවිත් "මන් ගානේ මෙන්න මේ ටික කාහං " කියලා පන්තිය ට දාලා ගියා ,

අපිත් ඉතින් ඔය ටිකට පොර කන අස්සේ , ජෝලාත් මේකට හොම්බ දලා ඉතුරු උන අර අහවල් එකේන බාගයක් කටේ ඔබා ගත්තා ,  දැන් අහන්න එපා ඉතුරු බාගේ කවුද කාවේ කියලා, එකත් අපේම එකෙක් කළා

දැන් තමයි ආතල් එක , මෙන්න මු කියවනවා, "අඩෝ අද ලැවරියා නිකන් අබුල් රහයි නේ බන්  ඇයි ඒ ..??"
එතකොටම බරියා ගත්කටටම කියපි "බලහං ජෝලා ඔකේ මොනාද තියෙන්නේ කියලා ..!!" හතිඉල්ලවයි , " අම්මා ගහයි බැට්   ඒකෙන තාත්තා දායි  යි බෝල " කිව්වලු. මෙන්න මු කටේ තිබ්බ එක අරන් බැලුවා නේ ..

මෙන්න බොලේ  කහ පාටට දිලිසි දිලිසි තියෙන්නේ..!! "අඩෝ කැ** හිටහං පස්සේ බලාගමු .." ඔන්න කසිටියගේ විසිල් හු පාර මැද්දේ මේකා දුවලා ගියා. ඒ යන්න කලින් අපේ මව පාර්ශවයේ ගුණ ගායනයත් අමතක කලේ නැහැ.

ටිකකින් මැයි බරියයි කැන්ටිමට ස්ථාන ගතවෙන්න කියලා යනකොට මෙන්න බොලේ මු ජෝලා සිනි සම්බෝල් බනිස් දෙකක් කන ගමන්. මයේ හිතේ කටේ කහට යන්න වෙන්න ඇති , මන් තුමා ව
දැක්ක ගමන් අඩෝ "කැ ?* හු ** පුතාලා  තොපි මට බලු බෙට්**ක් කව්වූ නේ ..!! "  ඔන්න ඔහොම පටං ගත්ත ගුණ වරුනාව  දින දෙකක ට ජෝලා අස්ථාන ගත් වීමෙන් නිමා විය ..!!

(ප.ලි  හරියටම මෙන්න මේ වගේ ..!!!  :දිව දොට්ට )