Tuesday, February 14, 2012

A/L ඇන ගැනීම..!! (part 1 )


 මේ කියන මං සිද්දිය උනේ , මං අපොස සා.පෙ  එහම ඉවර වෙලා A/L කියන අන්ඩර දෙමලේ කරන්න පටන් ගත්ත මුල් කාලේ. O/L නම් ගෙමක් නැතිව උඩින්ම ගොඩ දාගත්තා ට කවුද බොලේ හිතුවේ A/L මේ විදියට අජුත වෙලා යයි කියලා, කොහෙමෙන් කොහෙමන් හරි උසස් පෙළ කරන්න ආපු මුල් කාලේ තිබ්බ කැපවීම , ටිකක් කාලෙකින් අජ්ජකොරෝස් වෙලා , නැත්තටම නැති වෙලා ගියා., මෙන්න කොහෙමෙන් කොහෙමන් හරි විබාගෙට සති 5  ද කොහේදෝ

එක දවසක් උදේ පාන්දරම "අසිත " අයියාගෙන් මට කෝල් එකක් අවා, අසිත කියන්නේ මට ඒකාලේ ඉදන් මේ වෙනතුරු ලගින්ම හිටපු හොදම බොක්කක්, මිනිහ මගේ ලොකුඅම්මගේ පුතා, මේ යකා උදේ පාන්දරම කෝල් කරලා කියපි "පොඩ්ඩෝ මේ පොඩි  උදව්වක් ඕනේ බන් ", "අවුලක් නැහැ බන් ඕනේ මගුලක් කිය්හං " මාත් කිව්වා

"අඩෝ  මල්ලි මේ බයික් එක අරන් වරෙන්කො හසලක යන්න, බෑ කියන්නම් එපා පුතෝ ..!! " මටත් නිකන් උදේ පාන්දරම පොල්ල්ලෙන් ගැහුවා වගේ, "මොන හු**" බන් ,මොන මගුලටද බන් යන්නේ , බලහං මට සති 5 යි  බන් ,  ඒ අස්සේ අද අරකිව හම්බෙන්න යන්නත් ඕනේ ..!! , හෙට යමන් ද ??"" මන් කිව්වා

"හෙට බෑ බන් , මේකයි සීන් එක චුටි අක්කගේ අත්තම්මා මලඃ , උන්දැව මහා ගෙදර අරන් ගිහින් , එහෙ යන්න ඕනේ බන් " පොරත් මට අනික පැත්තට කිව්වා , චුටි අක්ක කියන්නේ අසිත අයියා ගේ  ගැල්ලමයා, ම්නිහත් ඒකාලේ සැහෙන්න ඔකද වෙලා හිටියේ ,

දැන්ඉතින් මොනා කරන්නද, පලයන්කෝ හසලක , "හා යමන්කෝ එහනම් මන් ගේ ගාවට එන්නම් 9.30 විතර ලෑස්තිවෙලා හිටපං කියලා "ගෙවල් වල මිනිස්සුන්ටයි මගේ කුමාරිහාමිටයි කියන්න බොරු 2 ක 3 ක් සෙට් කරගත්තා

"අම්මා.. මං  ලහිරුලාගේ ගෙදර යනවා chemistry papers ටිකක්  කරන්න .. මට කෝල් එහම දෙන්න එපා , මන් කොහොමත් එහෙ තමයි , එනකොට හවස් වෙයි ..." මෙහෙම  කියලා උදේ බත් ටික  සුටුස්‌ ගාලා ගිලලා,  බයික් එක අරන් මන් ගෙදරින් පැන්නා,

 අසිත අයියාගේ ගෙවල් තිබ්බේ තෙල්දෙණියේ ,මුලිනම් ම මාතලේ පැත්තෙන් හසලක යන්න හිටියත් පොර ව ගෙදරින් ගන්න එක ලේසි නිසා මහියංගනේ පැත්තෙන් යන්න  හිතුවා . කොහොම හරි  අපි 10 විතර තෙල්දෙණියෙන් පිටත් උනා ,  වැඩේ කියන්නේ මේ කාලේ අම්බානක මහියංගනේ පාරේ වැඩ ..!! එහනම් ගල්බොර දානවා කියලා  වාහන නවත්තනවා , කොහොම හරි අපිට ඉක්මනට ගිහින් අයෙ අම්මා වැඩ ඇරිලා එන්න කලින් ගෙදරට වාර්තා කරන්නත් එපයි., ඉතින් කොහෙමෙන් කොහෙමන් හරි උඩුදුම්බර ට අවා , මල මගුලයි පාර වහලා ,ගල්  බොර දානවලු ..!! කොහොම්නේ කොහෙමන් හරි ඔතන පැය 1/2 විතර හිටියා , ඔතන හිටපු ඩයල් එකක් අපිත් එක්ක  කයියට සෙට් වෙලා හිටියේ

මිනිහා අපෙන් විස්තර අහලා , මචං වරෙන්කො මේ ළගින් පොඩි ලග පාරක් තියනවා, 18 උඩින සෙට් වෙන එකක් ,  එකේ පලයන් , කිසි අවුලක් නැහැ , කියලා උඩුදුම්බර ළගින් පොඩි පාරක් පෙන්නුවා, අපිත් ඉතින් ඔන්න ඔහේ  යමන් කියලා  ගියා , පාරේ නම නම් මතක නැහැ හැබැයි පාරනම් පට්ට, ලොවෙත් නෑ, මාරම ලගයි , හැබැයි බලුබල්ලෙක් නැහැ පාරේ , අන්තිම වෙන්න තියනවා, අර පර හදන උන්ගේ වාහන නවත්තන yard එකක් තියනවා

කොහොමෙන් කොහෙමෙන් හරි මහියංගනෙන් හසලකට හැරෙව්වා , ටිකක් වෙලා යනකොට කරුමෙට වැස්සක් අවා , දැන්  මොනා කරන්නද නවතින්නත් බැහැ, මගෙයි අයියාගෙයි ෆෝන් 2 අරන් මල්ලක දාලා එක උඩින ඉදගත්තා , අපි දෙන්න ගෙන එකෙක්වත් ජැකට් එකක්වත් දාල නැහැ, දැන් අම්බානක නාලා , මොනා කරන්නද යන්නත් එපයි
.
 අපි ඔහොමම ගියා , මෙන්න  ටිකින් වැස්ස නැවතුනා, අව්ව වැටෙන්න ගත්තා, කොහෙමෙන් කොහොමෙන් හරි මගේ shirt එක ලාවට වෙලිලා තිබ්බා, ඩෙනිම නම් තෙටයි , කොහොමෙන්  කොහොමන් හරි මලගේදරත් අවා වෙලාව දවල් 1 ට විතර ඇති

 මම නම් ගිය ගමන් කාලා , සයිඩ් ගහල කයියක් දාගෙන් උන්නා , මගෙත් එක්ක අපු මෑන් කොහෙද නැහැ, කොහේ හරි ඔකද වෙලා ඇති කියල ටිකක් වෙලා ඉදලා, බොහොම අමාරුවෙන් මිනිහත් හොයාගෙන අපහු ගෙදර එන්න ගත්තා

කොහොම හරි නුවරට එනකොට 4 ට විතර ඇති , වෙලාවට අම්ම වෙලාවට ගෙදර ඇවිත් තිබ්බේ නැහැ .
හැබැයි පහුවදා වෙනකම් අගේ පතේ රුදාව නොසහෙන්න තිබ්බා පෙනඩෝල් 2 ක බිලා දවසම නිදාගත්තා .
ඔන්න ඔය වගේ අලුගුතේරු වැඩ කරලා තමයි A/L කෙලවා ගත්තේ..!! (හැබැයි එව්වගේත් පොඩි ජොලියක් තියනවා..!! )

No comments:

Post a Comment