Tuesday, February 7, 2012

දනියා ට facebook account එකක් ..

 ඔය සිද්දිය උනේ, මට මතක විදියට ෆේස් බුක් කියන අටමගලේ ආපු මුල් කාලේ, ඔන්න ඔය කාලේ අපිත් එක්ක හිටපු එකක් වෙච්ච දනියාට ට ඕනේ උනා account එකක් හදා ගන්න, මූ ගැන කියනවනම් මුගේ ඇග පුරා මොලේ, රෙද්දක් පෙන්නුවොත් කපලා, මහලා ඇදගෙන , "හරිද කියලත් " අහන ජාතියේ එකෙක්..!(හැබැයි ඒ කාලේ , දැන් නම් හෙන මීටරේ ) 

ඉතින් මුත් ඉදල ඉදල දවසක හැන්දෑවේ අපේ ගෙදර ආවා, "මචං පොඩ්ඩෝ මටත් account එකක් හදල දියන්කෝ බන් " ඉතින් මාත් ගත් කටටම කිව්වා  "එහනම් මෙහෙ ආවේ ,පලකො බැංකුවකට ", "එහෙම රෙද්දක් නෙවෙයි ප* මට facebook එකේ account එකක් හදල දියන්කෝ " එහම කියල මේක මගේ ඇගට පැන්නා..! මලඃ දන ඉතින් මුටත් හදපියකෝ account.

ඔන්න ඔය වෙලාවේ තමා මගේ අතිජාත පාප මිත්තරයෙක් වෙච්ච ලහිරුවා දොර කඩාගෙන මගේ කාමරේට රිංගුවේ.." ලහිරුවත් එක්ක තමා මං කරපු කිජිත ජල්බරි ගේම් ගොඩක්ම දුන්නේ ..

මේ බලහං බන් මුට account එකක් හදල දියන් කියන්නේ " මං ලහිරුවට කිව්වා."එව්වා එහෙම ආවාට ගියාට කරන්න පුළුවන් වැඩ ද  බන් " කියපු ලහිරුවා පොඩි  signal එකක් දුන්නා, මටත් තේරුනා මොකක් හරි ජල්බ්රියක් දෙන්න පුළුවන් ගේමක් තමා යන්නේ කියලා

මං ->  අහ්හ් ඔව බන් දනියෝ, එව්වා එහෙම ආවාට ගියාට කොරන්න පුළුවන් වැඩ නෙවෙයි බන් , ඕකට පොඩි  බඩු වගයක් තියනව ඕනේ කරන..!!

දනියා -> ඉක්මනට කියහන්කෝ, මොන මගුලක් හරි උස්සන් එන්න 

ලහිරු -> මෙහෙමයි බන් , ඕකට පින්තුරයක් එහෙම දානවා නේ බන් , එක නිසා උබේ පාස්පොර්ට්  size photo 3 ක් ඕනේ බන් , තව identity card එකේ කොපියකුත් ඕනේ බන් ..
මං -> ඔව බන් , ලංකාවේ branch එකේ මන් දන්නා එකෙක් ඉන්නව බන්.. උට කියල වැඩේ ලේසියෙන්ම කර ගන්න පුලුවන් වෙයි, ඔව බන් උගේ ගෙවල් තියෙන්නේ දිගන පැත්තේ බන්, මං හිතන්නේ ඉරිදා man ගෙදර..

දනියා -> අහ්හ් එළකිරි , මන් එහනම් අනිද්දා දිගන යන්නම් , උබ උට කියල කියහං  මන් එනව කියලා
මං-> එල , හැබැයි පුතෝ අර ඕනේ බඩු ටික අරන් පලයන් ..! දන්නවා නේ ඉතින්

දනියා -> හරි , යකෝ ..  මේ මං දැන් ගෙදර යනවා බන් , හෙට උදේ ගිහින් photo දෙක තුනක්  ගන්න ඕනේ බන් 

 මෙහෙ කියලා මු ගෙදර ගියා..,  ඉතින් කාලෙකින් ලනුවක් දීමේ ප්‍රීතිය ගැන සහ ඉදිරි වැඩ පිළිවෙල සාකච්චා කර කර ඉදලා, ලහිරුවත් ගෙදර ගියා
    


මෙන්න බොලේ අනිද්දා ලහිරුවා අපේ ගෙදර එනවා දුවගෙන, "කොහෙද හු** දුවන්නේ ?? "මන් ඇහුවා 
" නෑ බන් මෙන්න අරු දිගන යනවලු , මු අහනවා කොතනද බහින්නේ කියලා ..?? " ලහිරුවා කිව්වා 

මල රෙද්දයි, දැන් මොකෝ කියන්නේ, මේ බන් කියහං උට අයෙ ගෙදර වරෙන් කියලා, අද උ ගෙදර නෑ කියලා ..!!

මල රෙද්දයි, 
මුට තේරුනා අපි දුන්නේ බුල්ටෝ එකක් තමා කියලා
අම්මටසිරි මෙන්න බොලේ  දනියාට නැග්ගේ නැතා එකසිය ගානට..මේකා දැන් බනිනවා හෝ ගලා නොදන්නා කුනුහරපත් එක්ක අහගත්තා නියමෙට..

හැබැයි අත්නිමේදී මු  අපිත් එක්ක සති 2 ක කතා විතර කාතා නොකර හිටියා, පස්සේ ඉතින් බොහොම අමාරුවෙන් shape කරගත්තා, දැන් නම් මූ එල කොල්ලෙක් , මොරටුවේ 1st year ද කොහේදෝ ..!


"මචං account එකක් හදමුද කියල අහපු ගමන් අපේ මලගිය උන්ටත් මෙන්ම ඒ ගේ මව් පර්ශවෙටත්  එක්ක පින් දීමේ මහා බලයක් මූ  තුල සැගවී තියනවා ලු  "

6 comments:

  1. පව් බන්... ඔහොම එකෙක් ඉන්නවා අර මම බ්ලොග් එක පටන් ගත්ත කාලෙම ලියපු බෝඩිමේ සීන්වලත්....

    ReplyDelete
    Replies
    1. අහ්හ් මතකයි අර බෝඩිමේ හිටපු "පොඩ්ඩා නේ "..!! අර මහා රෑ ජෙල් ගාලා වෙඩිමකට ලෑස්ති කරපු ඩයල් එක නේ ද ..??

      Delete
  2. පොඩ්ඩක් හෝව් මේ ටිකේ පොඩ් වැඩ වගයක් සෙට් උනො අයියේ..!! අද හවසට එකක් දානවාමයි..!!

    ReplyDelete
  3. අයියෝ කරලා තියෙන වැඩක් :D

    ReplyDelete
  4. හික්ස් එව්වා එහෙම තමයි ..!!

    ReplyDelete