Wednesday, March 28, 2012

Test කරන්න කසිප්පු සදාගෙන බිම ..!!


අපි හැමෝටම වගේ පාසල් කාලය තරම් සුන්දර කාලයක් නැතිව ඇති කියල මං හිතනවා, මොකද වලි දාගත්ත එව්වා , කරපු කුජිත වැඩ පදිරි උන එව්වා , ඉස්කෝලෙන්  පැන්න එව්වා ,මේවගේ මෙකි නොකී සැහෙන දේවල් කරපු හෙන ආතල් කාලක් තමා ඉස්කෝලේ ගියපු කාලේ, මොකෙක් හරි එහම නැහැ කියනම් ඒ අනිවා වැස්සකටවත් ඉස්කෝලේ ගිය නැති එකෙක් තමා .

ඉස්කොලේ ගිය අවුරුදු කිහිපයෙන්ම මරුම ආතල් කාලේ තමා A/L කරපු කාලේ,ඔන්න එහනම් අපි A/L කරන්න පටන් ගත්තා කියමුකෝ, ඉදල හිටලා මොකක් හරි කුජිත වැඩකට හැරෙන්න මුල් කාලේ අපි ඉස්කොලෙමයි උන්නේ(පස්සේ ගියේ එක දාන්න විතරයි ), කොහෙම හරි මේ කාලේ අපි දවසක් chemistry lab  එකට ගියා, අපිට ඔය මහා වාත සබ්ජෙට් එක උගන්න්වන්න හිටියේ හෙන වයසට ගිය ටීචර් කෙනෙක්, හරිය ඇහැ පෙන්වත් මදිද කොහේදෝ, කොහෙම හරී ඒ දවස් වල  අපිට කසිප්පු හෙවත් සදරු අයියා කියනවා වගේ මුල්ල පටස්   හදන හැටි  කොහේදී හරි කියල දුන්නා වගේ  ලාවට මතකයි, ඉතින් ඕක කරන කම ඉදලා  මමයි  ලහිරුවයි හෙමිට ඔය දාපු අර මෙව්වා (ඇත්තට දැන් නම් නම මතක නැහැ  ) පොඩි පොඩි කුප්පි සෙට් එක්කට ශේප් එකේ දාගත්තා, ඇත්ත කියනවානම් ඒ කාලේ අපි නොසෑහෙන්න දේවල් lab එකෙන් ඉස්සුවා වගේ මතකයි (ඒ සමහර කුප්පි තාම ලහිරුවාගේ ගෙදර තිබේ ).

කොහොම හරි එදා ගෙදර ඇවිත් අපි දෙන්න සෙට් වෙලා අර කියල තියපු විදියට පොඩ්ඩ පොඩ්ඩ දාල (මොකද ගන්න ප්‍රමාණ බලන්න සිදියක් තිබ්බේ නැහැ ), හැදුවා අමුර්තය. දැන් ඉතින් ඕක බොනකම් ඉවසිල්ලක් නැහැ , හැබැයි බොන්නත් බයයි වගේ , මොකද මොනා වෙයිද කවුද දන්නේ ඉතින් අපි මේක දවස් 2 කල දැම්මා, මොකද පහුවදා සෙනසුරාදා , ගෙදර කස්ටිය ඉන්න දවස. ඉතින් සදුදා ඉස්කෝලේ ගිහින් ආපු ගමන සෙට් උනා ඕක බොන්න , හැබැයි බොනවා කිව්වට බොන්නත් බයයි වගේ, ඒ වගේම ලහිරුවාට ඕනේ උනා ඇත්තම එව්වත් එක්ක මේක බිලා රස ගුණ චෙක් කොරන්න (මුට ඒකාලේ ඉදන්ම ඔය වගේ රුදාවල් තිබ්බා ) මේ කාලේ ලහිරුවාගේ ගෙදර මොකද්දෝ වැඩකට බාස් ලා වගයක් ඇවිත් හිටිය, අපිත් ඉතින් හෙමිට ගිහින් පොඩි ගානක් අතේ තියලා හෙට එනකොට අරවයෙන් 2 ක තුනක් ගෙනත් දෙන්න කිව්වා , මිනිහත් "හා හොදමයි " කියලා ගියා ,

දැන් අපි දෙන්නාට ඉවසිල්ලක් නැහැ , එඅස්සේ අරු කියනවා "අපි මේක දනියට පොවලා බලමු කියලා " ඕකාට පෙව්වොත් එහම ගොනා වගේ ඔක්කම විස්තරේ කියලා අපි දෙන්නට ගෙවල් වලිමුත් එක්ක යන්න උන නිසා (පස්සේ  කාලෙක එහම වැඩක උනා ), අපි සද්ද වහලා හිටියා , කොහොම හරි පහුවදා එළිවෙනකොට බඩු පැකට්  2 අපිට හම්බුනා, හැබැයි තාම බොන්න මොකදෝ වගේ, ඊට පස්සේ දෙන්නම ඕනේ  පු **ක් කියලා අපි හදපු එකෙන් ටිකක්  ඇදලා දැම්ම, හප්පේ ..!! අයෙ නම් මලාට ඔය ජරාව බොන්නේ නැහැ හිතුනා ඒ වෙලේ , ඉතින් ඔරිමජිනල් බඩුත් චෙක් කරන්න එපයි , එකෙනුත් ටිකක් ඇදලා දැම්ම,

ඊට පස්සේ අපි හදපුවා ගේ ගුණදොස් අහන්නත් එක්ක බාස්ලට පොඩ්ඩක් දීලා බැලුවා, මිනිහා ගත කටටම නිව්වේ නැතා , "මහත්තයා අප්සට් නේ , තව ටිකක් වැඩි උනා නම් හොදයි වගේ "  කියලා , පටන් ගන්නකොට ඔය මදෑ කියල අපි දෙන්නත් කැපුනා

හම්මේ ටිකක් වෙලා යනකොට සැප කනේ, ඉන්න බැහැ ඔලුව නිකන් මෙව්වා මෙව්වා වෙන්ව වගේ , උඩ පැනලා බල්බ් එක අල්ලන්න හිතෙනවා, ඔක්කම හරි යන්න කියලා    හිතාගෙන මන් නිදාගත්තා, අහ්රුන ගමන කබරයා පාරක ගියා , දැන් නම් ඇගට පන නැහැ ,ෆ්‍රිජ් එකේ තිබ්බ යෝගට් 2 වග කිව්වා , තාම එසේමයි , ලහුරුවාට කෝල් එකක් ගත්තා මු නිකන්  හෙන ගැහුවා වගේ, උ ටත් මගේ සෙතේමයි, බාසුත් අගට හරි නැහැ කියලා ගියාලු .

 කොහොම හරි හවස් වෙනකොට මට බඩ ගියා, වැඩේ අජ්ජකොරෝස් වගේ , බැරිම තැන දනියාවත් එක්කන් ගියා බෙහෙත් ගන්න,මේකා යනකන් බනිනවා "තොපිට හොද වැඩේ මට නොදේ ඔව්වා බොනවට " කියලා  දොස්ත්රත් බැන්න  නියෙමට , test කරන්න බොනවා කියල , ඔක්කම හරි උ කරපු අජුත වැඩේ තමයි මං  ගෙදර යනකොට අම්මට කෝල් කරලා මිනිහා වැඩේ පත්තු කරපු එක .ඒ වෙලේ තමා බෙහෙත් ගත්ත එකේ ගොන් කම තේරුනේ ,

හප්පේ දැන් ඉවරයි..!! පුතාට වදින ගාථාවෙන් පටන් අරගෙන , බැන්නා පලු යන්න, අන්තිමේදී දනියත් බැනුම් අහගෙන ගෙදර දිව්වා, කොහොම හරි පහුවදා ට පහුවදා ඇගට පොඩ්ඩක් ගුණයි වගේ. හබැයි ලහිරුවාට මට තරම් අල කලංචියක් වෙලා තිබ්බේ නැහැ , බාස් නම් කිව්වේ අපි හදපු එකේ මොකක් හරි අවුලක් වෙන්න ඇති කියලා .

කොහෙමෙන් හරි එදයි පස්සේ අද වෙනතුරු ඔය මල ජරාව කටේ තිබ්බෙම නැහැ         

Monday, March 12, 2012

ආයෙනම් මළාට බයික් පදින්නේ නැතෝ ...!!


පහුගිය දවස් ටිකේම අත පය කැඩිලා වැලේ වැල් නැතිව හිටපු මට දැන්  නම් යන්තම් මොකක් හරි කරගන්න පුළුවන් තත්වයකට ඇවිල්ල වගේ කියල හිතෙනවා,මන් මේක කියන්නේ අපේ බයික් පදින කස්ටියටයි, අර රත්තරන් කියනවා වගේ "කක්කුස්සියට ගියත් හෙල්මට් එකක් දාගෙන පල ", "හයියෙන් යන එකේ චුන් එක ඇත්තේ අතක් පයක් කැඩෙන තුරු පමණි "

මොනවා උනත් එදා මහා අජුත දිනයකි , උදේ පාන්දරම නැගිටලා තේ එක බොන්න යනකොට බව්වගේ හැප්පිලා කෝප්පේ කැඩුනා, ඒ අස්සේ  දනියත් උදේ පාන්දරම ගෙදර ඇවිල්ලා මොකද්දෝ මගුලකට මට අම්බානක බැනල යන්න ගියා

ඔන්න ඔය විදියට නන්නත්තාර වෙච්ච උදයක , මම Statics ටිකක් අහගන්න ඕනේ කියල හිතුන නිසා, සමීර අයියා ව කුප්පියක් දාගන්න බොහොම අමාරුවෙන් සෙට් කර ගත්තා , කොහෙමන් හරි උදේ 9 විතර මාත් බයික් කට්ටත් අටවාගෙන විජේවර්ධන එක පැත්තට යන්න සෙට් උනා ,කොහොම හරි මං 9.30 විතර විජේවර්ධන එකට ගියා , අදාළ පුද්ගලයා නැති නිසා , මාත් ඔහේ වාඩිගෙන මනෝ පාරක් ගහගෙන හිටියා, එතකොටම මෙන්න බොලේ මංතුමා 11 වසරේ චූ කොල්ලා කාලේ ඉදන් සීන් කරපු ,12 වසරේ ඉදන් ඒකිව දාගන්න ට්‍රයි කරපු , ඒකිගේ අයියා මගේ හරහට හිටපු , අන්න එයා මගේ ඉස්සරහින් ඇදිලා ගිහින් වෙනම එක්ක වාඩිවෙලා මොනවදෝ පොත් ටිකක් දිග අරගෙන වැඩක පත්න ගත්තා , ඇත්තටම මට ගිහින් කතා කරන්න හිතුනත් මට එක කරන්න තරම් කොන්දක් තිබ්බේ නැහැ ,

කොහොම හරි සමීර අයියා ඇවිත් කුප්පිය දාලා වැඩේ 11.30 විතර ඉවර උනා, කොහොම හරි මාත් ගෙදර යන්න කියාලා හිතාගෙන බයික් එකට නගිනකොටම, කොහේදෝ ඉදන් අර අට මගුලත් විජේවර්ධන එක ලගින් එලියට බැහැල ගියා.මාත් ඉතින් දුක තමා රන්ජනී කියාගෙන , මගේ දඩු මොනරෙත් ඉස්ටාර්ට් කොරගෙන යන්න උනා,

කොහෙමන් කොහෙමෙන් හරි පිලිමතාලාවෙන් දවුලගල පාරට දැම්ම, කසිටිය දන්නවා ඇති ඒ පාර ලගදි කාපට් එක දැම්ම කියල , "පාරහොදයි ඇරලා යන්න කියාගෙන " ඔන්න ඔහේ මාත් තියල ඇරියා , කරුමෙට කොහෙවත් යන වෑන් කාරයෙක් පාර බදුඅරගෙන යනවා , මං දෙපාරක් විතර යන්න දැගලුවත් මු ඉඩ දුන්නේ නැහැ, මාත් ඉතින් ඕනේ හුන්නස්ගිරියක් (අර අභීත අයියා කියනවා වගේ ) කියලා වංගුවකඉස්සර කොරා , මල කෙලියයි , මෙන්න බොලේ ආවේ නැතා ඉස්සරහට කාර් එකක් , මං එහෙම්ම නවල අනික් පැත්තට අරන් අයෙමත් පාරට දාන්න යනකොටම ට්‍රිවිල් එකක් දැම්මා මුනටම , මට වැලේ වල නැති උනා, බයික් එක එහෙම්ම අත ඇරියා නමුත් බයික් එකන් වැටෙනකොටම මගේ අත නුහුරට තියවුනා ,හම්මේ සැප කනේ ..!!
ඒ මදිවට වම කකුල නවන්න බැහැ ..!!
දැන් මොනා කරන්නද..?? මට බනින උන්ට මගුලක් කතා කරගන්න කියලා මං අවා ගෙදර, අවාට මොකද ඉන්න බැහැ අත රිදෙනවා,ඒ මදිවට බයික් එකෙත් අලාබහානි , හැඩල් එකනම් පොඩි එකෙක් අල්ලන් කෙලින් කොරා , එත් කැඩුන ලයිට් එහෙම කෙලගාලා අලවන්නද ...?? දැන් මේක අම්මට කියන්නත් බැහැ , ඩෙෆා සුවර් මට බනිනවා අඩුම මේ අවුරුද්ද ඉවරවෙනකම්වත්, ඉතින් හිටියා ටක වෙලාවක් ගෑවා ගෙදර තිබ්බ හැම බාම් එකක්ම ,ම්ම්ම්හු අඩුවෙන පාටක් නැහැ , බැරිම තැන අම්මට කෝල් එකක් අරගෙන කිව්වා මේ මං මේ ගේ ගාවම ලිස්සලා වැටුනා කියලා,

ඔන්න ඉතින් බැනලා බැනලා අන්තිමේට වෙදෙක් ලගට යන්න සෙට් උනා, කොහොම හරි ලහිරුවත් සෙට් කරගෙන කාර් කට්ට අටවාගෙන ගියා වෙදා ලගට, හප්පේ මේ යකාත් මට දුන්න සැපක් ..!! අන්තිමේදී අතට පතුරු තියලා බන්දා,, කකුලටට් මොකද්දෝ මගුලක් කොරා. අයෙ නම් මලාට අත පය කඩාගන්නේ නැහැ  කියලා හිතුනා ඒ වෙලේ ..!! කොහොමෙන් කොහොමෙන් හරි අම්බානක කැගහලා අත පය ඔතාගෙන ගෙදර අවා ...

හැබැයි ඉදලා හිටලා අතක පැයක කැඩෙන එකෙත් පොඩි ආතල් එකක් ඇත ,
1. අම්මා බත් ටික අනා කවිම
2. රෙදි සෝදා දීම
3. ඉල්ලන කෑම, ඉල්ලන පමාව ලගට ලැබීම
4. නිවසේ රියදුරු තනතුරින් විශ්‍රාම යැවීම
5.මැච් එක බල බලා ඔහේ ඉන්නට හැකි වීම

 මෙවැනි මෙකි නොකී වරප්‍රසාද රැසකට හිමිකම් කීමට මට හැකිවිය
 ඒ උනාට දැන් නම් ටිකක් හොදයි .. !! දැන් ටික ටික වරප්‍රසාද අඩුවෙමින් පවතී ..!! හැබැයි අයෙ නම් මලාට බයික් පදින්නේ නැතෝ .....!!!(ඔය කිව්වට අයෙමත් හොද උන ගමන් මොනා වෙයිද දන්නේ නැහැ )

ප.ලි  සොරි වෙන්ඩ ඕනේ, ඇක්ස් රේ එකේ අනික් පැත්ත වැදුනේ ඈ...!!