පහුගිය දවස් ටිකේම අත පය කැඩිලා වැලේ වැල් නැතිව හිටපු මට දැන් නම් යන්තම් මොකක් හරි කරගන්න පුළුවන් තත්වයකට ඇවිල්ල වගේ කියල හිතෙනවා,මන් මේක කියන්නේ අපේ බයික් පදින කස්ටියටයි, අර රත්තරන් කියනවා වගේ "කක්කුස්සියට ගියත් හෙල්මට් එකක් දාගෙන පල ", "හයියෙන් යන එකේ චුන් එක ඇත්තේ අතක් පයක් කැඩෙන තුරු පමණි "
මොනවා උනත් එදා මහා අජුත දිනයකි , උදේ පාන්දරම නැගිටලා තේ එක බොන්න යනකොට බව්වගේ හැප්පිලා කෝප්පේ කැඩුනා, ඒ අස්සේ දනියත් උදේ පාන්දරම ගෙදර ඇවිල්ලා මොකද්දෝ මගුලකට මට අම්බානක බැනල යන්න ගියා
ඔන්න ඔය විදියට නන්නත්තාර වෙච්ච උදයක , මම Statics ටිකක් අහගන්න ඕනේ කියල හිතුන නිසා, සමීර අයියා ව කුප්පියක් දාගන්න බොහොම අමාරුවෙන් සෙට් කර ගත්තා , කොහෙමන් හරි උදේ 9 විතර මාත් බයික් කට්ටත් අටවාගෙන විජේවර්ධන එක පැත්තට යන්න සෙට් උනා ,කොහොම හරි මං 9.30 විතර විජේවර්ධන එකට ගියා , අදාළ පුද්ගලයා නැති නිසා , මාත් ඔහේ වාඩිගෙන මනෝ පාරක් ගහගෙන හිටියා, එතකොටම මෙන්න බොලේ මංතුමා 11 වසරේ චූ කොල්ලා කාලේ ඉදන් සීන් කරපු ,12 වසරේ ඉදන් ඒකිව දාගන්න ට්‍රයි කරපු , ඒකිගේ අයියා මගේ හරහට හිටපු , අන්න එයා මගේ ඉස්සරහින් ඇදිලා ගිහින් වෙනම එක්ක වාඩිවෙලා මොනවදෝ පොත් ටිකක් දිග අරගෙන වැඩක පත්න ගත්තා , ඇත්තටම මට ගිහින් කතා කරන්න හිතුනත් මට එක කරන්න තරම් කොන්දක් තිබ්බේ නැහැ ,
කොහොම හරි සමීර අයියා ඇවිත් කුප්පිය දාලා වැඩේ 11.30 විතර ඉවර උනා, කොහොම හරි මාත් ගෙදර යන්න කියාලා හිතාගෙන බයික් එකට නගිනකොටම, කොහේදෝ ඉදන් අර අට මගුලත් විජේවර්ධන එක ලගින් එලියට බැහැල ගියා.මාත් ඉතින් දුක තමා රන්ජනී කියාගෙන , මගේ දඩු මොනරෙත් ඉස්ටාර්ට් කොරගෙන යන්න උනා,
කොහෙමන් කොහෙමෙන් හරි පිලිමතාලාවෙන් දවුලගල පාරට දැම්ම, කසිටිය දන්නවා ඇති ඒ පාර ලගදි කාපට් එක දැම්ම කියල , "පාරහොදයි ඇරලා යන්න කියාගෙන " ඔන්න ඔහේ මාත් තියල ඇරියා , කරුමෙට කොහෙවත් යන වෑන් කාරයෙක් පාර බදුඅරගෙන යනවා , මං දෙපාරක් විතර යන්න දැගලුවත් මු ඉඩ දුන්නේ නැහැ, මාත් ඉතින් ඕනේ හුන්නස්ගිරියක් (අර අභීත අයියා කියනවා වගේ ) කියලා වංගුවකඉස්සර කොරා , මල කෙලියයි , මෙන්න බොලේ ආවේ නැතා ඉස්සරහට කාර් එකක් , මං එහෙම්ම නවල අනික් පැත්තට අරන් අයෙමත් පාරට දාන්න යනකොටම ට්‍රිවිල් එකක් දැම්මා මුනටම , මට වැලේ වල නැති උනා, බයික් එක එහෙම්ම අත ඇරියා නමුත් බයික් එකන් වැටෙනකොටම මගේ අත නුහුරට තියවුනා ,හම්මේ සැප කනේ ..!!
ඒ මදිවට වම කකුල නවන්න බැහැ ..!!
දැන් මොනා කරන්නද..?? මට බනින උන්ට මගුලක් කතා කරගන්න කියලා මං අවා ගෙදර, අවාට මොකද ඉන්න බැහැ අත රිදෙනවා,ඒ මදිවට බයික් එකෙත් අලාබහානි , හැඩල් එකනම් පොඩි එකෙක් අල්ලන් කෙලින් කොරා , එත් කැඩුන ලයිට් එහෙම කෙලගාලා අලවන්නද ...?? දැන් මේක අම්මට කියන්නත් බැහැ , ඩෙෆා සුවර් මට බනිනවා අඩුම මේ අවුරුද්ද ඉවරවෙනකම්වත්, ඉතින් හිටියා ටක වෙලාවක් ගෑවා ගෙදර තිබ්බ හැම බාම් එකක්ම ,ම්ම්ම්හු අඩුවෙන පාටක් නැහැ , බැරිම තැන අම්මට කෝල් එකක් අරගෙන කිව්වා මේ මං මේ ගේ ගාවම ලිස්සලා වැටුනා කියලා,
ඔන්න ඉතින් බැනලා බැනලා අන්තිමේට වෙදෙක් ලගට යන්න සෙට් උනා, කොහොම හරි ලහිරුවත් සෙට් කරගෙන කාර් කට්ට අටවාගෙන ගියා වෙදා ලගට, හප්පේ මේ යකාත් මට දුන්න සැපක් ..!! අන්තිමේදී අතට පතුරු තියලා බන්දා,, කකුලටට් මොකද්දෝ මගුලක් කොරා. අයෙ නම් මලාට අත පය කඩාගන්නේ නැහැ කියලා හිතුනා ඒ වෙලේ ..!! කොහොමෙන් කොහොමෙන් හරි අම්බානක කැගහලා අත පය ඔතාගෙන ගෙදර අවා ...
හැබැයි ඉදලා හිටලා අතක පැයක කැඩෙන එකෙත් පොඩි ආතල් එකක් ඇත ,
1. අම්මා බත් ටික අනා කවිම
2. රෙදි සෝදා දීම
3. ඉල්ලන කෑම, ඉල්ලන පමාව ලගට ලැබීම
4. නිවසේ රියදුරු තනතුරින් විශ්‍රාම යැවීම
5.මැච් එක බල බලා ඔහේ ඉන්නට හැකි වීම
මෙවැනි මෙකි නොකී වරප්‍රසාද රැසකට හිමිකම් කීමට මට හැකිවිය
ඒ උනාට දැන් නම් ටිකක් හොදයි .. !! දැන් ටික ටික වරප්‍රසාද අඩුවෙමින් පවතී ..!! හැබැයි අයෙ නම් මලාට බයික් පදින්නේ නැතෝ .....!!!(ඔය කිව්වට අයෙමත් හොද උන ගමන් මොනා වෙයිද දන්නේ නැහැ )
ප.ලි සොරි වෙන්ඩ ඕනේ, ඇක්ස් රේ එකේ අනික් පැත්ත වැදුනේ ඈ...!!
ඔන්න ඉතින් බැනලා බැනලා අන්තිමේට වෙදෙක් ලගට යන්න සෙට් උනා, කොහොම හරි ලහිරුවත් සෙට් කරගෙන කාර් කට්ට අටවාගෙන ගියා වෙදා ලගට, හප්පේ මේ යකාත් මට දුන්න සැපක් ..!! අන්තිමේදී අතට පතුරු තියලා බන්දා,, කකුලටට් මොකද්දෝ මගුලක් කොරා. අයෙ නම් මලාට අත පය කඩාගන්නේ නැහැ කියලා හිතුනා ඒ වෙලේ ..!! කොහොමෙන් කොහොමෙන් හරි අම්බානක කැගහලා අත පය ඔතාගෙන ගෙදර අවා ...
හැබැයි ඉදලා හිටලා අතක පැයක කැඩෙන එකෙත් පොඩි ආතල් එකක් ඇත ,
1. අම්මා බත් ටික අනා කවිම
2. රෙදි සෝදා දීම
3. ඉල්ලන කෑම, ඉල්ලන පමාව ලගට ලැබීම
4. නිවසේ රියදුරු තනතුරින් විශ්‍රාම යැවීම
5.මැච් එක බල බලා ඔහේ ඉන්නට හැකි වීම
මෙවැනි මෙකි නොකී වරප්‍රසාද රැසකට හිමිකම් කීමට මට හැකිවිය
ඒ උනාට දැන් නම් ටිකක් හොදයි .. !! දැන් ටික ටික වරප්‍රසාද අඩුවෙමින් පවතී ..!! හැබැයි අයෙ නම් මලාට බයික් පදින්නේ නැතෝ .....!!!(ඔය කිව්වට අයෙමත් හොද උන ගමන් මොනා වෙයිද දන්නේ නැහැ )
ප.ලි සොරි වෙන්ඩ ඕනේ, ඇක්ස් රේ එකේ අනික් පැත්ත වැදුනේ ඈ...!!
මේක මාරයිනෙ බොලේ.. ඇක්ස් රේ එකේ තියන්නෙ වම් අත. පොටෝ එකේ තියන්නෙ දකුණු අත. :D
ReplyDeleteහික්ස් ..!!මන් හිතුවා ඕක අහයි කියලා ..!! සොරි වෙන්ඩ ඕනේ, ඇක්ස් රේ එකේ අනික් පැත්ත වැදුනේ ඈ...!!
ReplyDeleteඅර මකරාගේ එෆ්බී එකෙත් තියෙනව සිග්නල් වෙන පැත්තකට දීලා අනිත් පැත්තෙන් කෝච්චියක් එන හැටි...
ReplyDeleteබයික් එකට රෝද දෙකයි... ඒක මතක තියාගනින්....
රෝද 2 යි කිව්වට, එක උඩට නැග්ගහම අමතක වෙන්වනේ අයියේ...!!
ReplyDeleteබඩුම තමා මේ ලගදී අපේ එකෙකුත් අතක් කඩා ගත්තා
ReplyDeleteහප්පේ ..!! කොහොමද දැන් බුවාට හොදයි ද ..?? අයෙ නම් කක්කුස්සියට ගියත් බයික් එකේ නම් යන්නේ නැතෝ ..!!
Deleteමේ පැත්තෙ ආවමයි.. බ්ලොග් රෝලට දාගෙන හිමීට කියවමු ඉස්සරහට එන පෝස්ටු..
ReplyDeleteජය පතමි..!
තැනකුයි වේවා ..!! අයෙමත් ඇවිත් යන්න එන්න සැමියෝ ..!!
Delete//මෙවැනි මෙකි නොකී වරප්‍රසාද රැසකට හිමිකම් කීමට මට හැකිවිය//
ReplyDeleteඅම්මප අතක් පයක් කඩා ගන්න එකත් නරක නෑ වගේ
අනිවා ඔබා මාමේ.. හැබැයි ඉතින් අර පිස්සු වෙදා මිනිහගේ ෆුල් ඩම් එක දාලා අත අබරකොට තමා එලොව කුරුම්බා පෙන්නේ .
Deleteඅම්මප අතක් පයක් කඩා ගන්න එකත් නරක නෑ වගේ
ReplyDelete//මෙවැනි මෙකි නොකී වරප්‍රසාද රැසකට හිමිකම් කීමට මට හැකිවිය//
අනිවා ඔබා මාමේ.. හැබැයි ඉතින් අර පිස්සු වෙදා මිනිහගේ ෆුල් ඩම් එක දාලා අත අබරකොට තමා එලොව කුරුම්බා පෙන්නේ .
Deleteඔන්න පොඩ්ඩෝ මමත් ආවා මේ පැත්තේ.
ReplyDeleteඅනේ හපොයි කෙල ටිකක් ගාලාවත් අලවගත්තේ නැතැයි :D
ඔයිං ගියා ඇති. මගේ යාලුවෙක් ට ඔහොම අනතුරක් වෙලා අනේ අප්පේ ලස්සන කෙල්ලගේ ඉස්සරහා දත් ටික කැඩුනා මුනත් හබක් උනා. මතක වෙද්දීත් දුකයි. කරුමේ තමයි :'(
තැනකුයි වේවා වර්ණා අක්කේ මේ පැත්තේ අවා ට..!! මොන කෙල ද.? උනාට පස්සේ කෙල හිදිලා හිටියේ..! හෆොයි පව් අප්පා දැන් ඒ ගැල්ලමයට කොහොමද ..!!(මගේ යාලුවෙක් දැන් මාස 4 ක් මහරගම , වරකාපොලදී බයික් එක හැප්පිලා , අත්2 යි කකුල් 2 යි කැඩුනා , දැන් ඉනෙන් පල්ලෙහා පන නැහැ ,දුක තමා )
Deleteමේ මාත් අවා මෙහෙට.. ඔන්න පොස්ට් 5 ම කියෙව්වා පොඩ්ඩො. මදැ අත කඩාගෙන බේරුනා.. පොඩ්ඩා කලින් කිව්වා වගේම වෙන්නෙම අවුල් නෙ.. :) හැබයි ඉතින් ඔහොම දේවල් වෙන්නත් ඔනේ. කවදාහරි මතක් කරලා හිනාවෙන්න ඉතුරු වෙන්නෙ වරද්දගත්ත අනාගත්ත තැන් තමයි.
ReplyDeleteඅනිවා..!! කවදා හරි මතක් වෙන්නේ ඉතින් මෙහෙම උන වැඩ තමයි ඉතින් , බොහොම ඉස්තුතියි මේ පැත්තේ ආවාට.අයෙමත් ඇවිත් යන්න එන්න
ReplyDelete