Wednesday, March 28, 2012

Test කරන්න කසිප්පු සදාගෙන බිම ..!!


අපි හැමෝටම වගේ පාසල් කාලය තරම් සුන්දර කාලයක් නැතිව ඇති කියල මං හිතනවා, මොකද වලි දාගත්ත එව්වා , කරපු කුජිත වැඩ පදිරි උන එව්වා , ඉස්කෝලෙන්  පැන්න එව්වා ,මේවගේ මෙකි නොකී සැහෙන දේවල් කරපු හෙන ආතල් කාලක් තමා ඉස්කෝලේ ගියපු කාලේ, මොකෙක් හරි එහම නැහැ කියනම් ඒ අනිවා වැස්සකටවත් ඉස්කෝලේ ගිය නැති එකෙක් තමා .

ඉස්කොලේ ගිය අවුරුදු කිහිපයෙන්ම මරුම ආතල් කාලේ තමා A/L කරපු කාලේ,ඔන්න එහනම් අපි A/L කරන්න පටන් ගත්තා කියමුකෝ, ඉදල හිටලා මොකක් හරි කුජිත වැඩකට හැරෙන්න මුල් කාලේ අපි ඉස්කොලෙමයි උන්නේ(පස්සේ ගියේ එක දාන්න විතරයි ), කොහෙම හරි මේ කාලේ අපි දවසක් chemistry lab  එකට ගියා, අපිට ඔය මහා වාත සබ්ජෙට් එක උගන්න්වන්න හිටියේ හෙන වයසට ගිය ටීචර් කෙනෙක්, හරිය ඇහැ පෙන්වත් මදිද කොහේදෝ, කොහෙම හරී ඒ දවස් වල  අපිට කසිප්පු හෙවත් සදරු අයියා කියනවා වගේ මුල්ල පටස්   හදන හැටි  කොහේදී හරි කියල දුන්නා වගේ  ලාවට මතකයි, ඉතින් ඕක කරන කම ඉදලා  මමයි  ලහිරුවයි හෙමිට ඔය දාපු අර මෙව්වා (ඇත්තට දැන් නම් නම මතක නැහැ  ) පොඩි පොඩි කුප්පි සෙට් එක්කට ශේප් එකේ දාගත්තා, ඇත්ත කියනවානම් ඒ කාලේ අපි නොසෑහෙන්න දේවල් lab එකෙන් ඉස්සුවා වගේ මතකයි (ඒ සමහර කුප්පි තාම ලහිරුවාගේ ගෙදර තිබේ ).

කොහොම හරි එදා ගෙදර ඇවිත් අපි දෙන්න සෙට් වෙලා අර කියල තියපු විදියට පොඩ්ඩ පොඩ්ඩ දාල (මොකද ගන්න ප්‍රමාණ බලන්න සිදියක් තිබ්බේ නැහැ ), හැදුවා අමුර්තය. දැන් ඉතින් ඕක බොනකම් ඉවසිල්ලක් නැහැ , හැබැයි බොන්නත් බයයි වගේ , මොකද මොනා වෙයිද කවුද දන්නේ ඉතින් අපි මේක දවස් 2 කල දැම්මා, මොකද පහුවදා සෙනසුරාදා , ගෙදර කස්ටිය ඉන්න දවස. ඉතින් සදුදා ඉස්කෝලේ ගිහින් ආපු ගමන සෙට් උනා ඕක බොන්න , හැබැයි බොනවා කිව්වට බොන්නත් බයයි වගේ, ඒ වගේම ලහිරුවාට ඕනේ උනා ඇත්තම එව්වත් එක්ක මේක බිලා රස ගුණ චෙක් කොරන්න (මුට ඒකාලේ ඉදන්ම ඔය වගේ රුදාවල් තිබ්බා ) මේ කාලේ ලහිරුවාගේ ගෙදර මොකද්දෝ වැඩකට බාස් ලා වගයක් ඇවිත් හිටිය, අපිත් ඉතින් හෙමිට ගිහින් පොඩි ගානක් අතේ තියලා හෙට එනකොට අරවයෙන් 2 ක තුනක් ගෙනත් දෙන්න කිව්වා , මිනිහත් "හා හොදමයි " කියලා ගියා ,

දැන් අපි දෙන්නාට ඉවසිල්ලක් නැහැ , එඅස්සේ අරු කියනවා "අපි මේක දනියට පොවලා බලමු කියලා " ඕකාට පෙව්වොත් එහම ගොනා වගේ ඔක්කම විස්තරේ කියලා අපි දෙන්නට ගෙවල් වලිමුත් එක්ක යන්න උන නිසා (පස්සේ  කාලෙක එහම වැඩක උනා ), අපි සද්ද වහලා හිටියා , කොහොම හරි පහුවදා එළිවෙනකොට බඩු පැකට්  2 අපිට හම්බුනා, හැබැයි තාම බොන්න මොකදෝ වගේ, ඊට පස්සේ දෙන්නම ඕනේ  පු **ක් කියලා අපි හදපු එකෙන් ටිකක්  ඇදලා දැම්ම, හප්පේ ..!! අයෙ නම් මලාට ඔය ජරාව බොන්නේ නැහැ හිතුනා ඒ වෙලේ , ඉතින් ඔරිමජිනල් බඩුත් චෙක් කරන්න එපයි , එකෙනුත් ටිකක් ඇදලා දැම්ම,

ඊට පස්සේ අපි හදපුවා ගේ ගුණදොස් අහන්නත් එක්ක බාස්ලට පොඩ්ඩක් දීලා බැලුවා, මිනිහා ගත කටටම නිව්වේ නැතා , "මහත්තයා අප්සට් නේ , තව ටිකක් වැඩි උනා නම් හොදයි වගේ "  කියලා , පටන් ගන්නකොට ඔය මදෑ කියල අපි දෙන්නත් කැපුනා

හම්මේ ටිකක් වෙලා යනකොට සැප කනේ, ඉන්න බැහැ ඔලුව නිකන් මෙව්වා මෙව්වා වෙන්ව වගේ , උඩ පැනලා බල්බ් එක අල්ලන්න හිතෙනවා, ඔක්කම හරි යන්න කියලා    හිතාගෙන මන් නිදාගත්තා, අහ්රුන ගමන කබරයා පාරක ගියා , දැන් නම් ඇගට පන නැහැ ,ෆ්‍රිජ් එකේ තිබ්බ යෝගට් 2 වග කිව්වා , තාම එසේමයි , ලහුරුවාට කෝල් එකක් ගත්තා මු නිකන්  හෙන ගැහුවා වගේ, උ ටත් මගේ සෙතේමයි, බාසුත් අගට හරි නැහැ කියලා ගියාලු .

 කොහොම හරි හවස් වෙනකොට මට බඩ ගියා, වැඩේ අජ්ජකොරෝස් වගේ , බැරිම තැන දනියාවත් එක්කන් ගියා බෙහෙත් ගන්න,මේකා යනකන් බනිනවා "තොපිට හොද වැඩේ මට නොදේ ඔව්වා බොනවට " කියලා  දොස්ත්රත් බැන්න  නියෙමට , test කරන්න බොනවා කියල , ඔක්කම හරි උ කරපු අජුත වැඩේ තමයි මං  ගෙදර යනකොට අම්මට කෝල් කරලා මිනිහා වැඩේ පත්තු කරපු එක .ඒ වෙලේ තමා බෙහෙත් ගත්ත එකේ ගොන් කම තේරුනේ ,

හප්පේ දැන් ඉවරයි..!! පුතාට වදින ගාථාවෙන් පටන් අරගෙන , බැන්නා පලු යන්න, අන්තිමේදී දනියත් බැනුම් අහගෙන ගෙදර දිව්වා, කොහොම හරි පහුවදා ට පහුවදා ඇගට පොඩ්ඩක් ගුණයි වගේ. හබැයි ලහිරුවාට මට තරම් අල කලංචියක් වෙලා තිබ්බේ නැහැ , බාස් නම් කිව්වේ අපි හදපු එකේ මොකක් හරි අවුලක් වෙන්න ඇති කියලා .

කොහෙමෙන් හරි එදයි පස්සේ අද වෙනතුරු ඔය මල ජරාව කටේ තිබ්බෙම නැහැ         

25 comments:

  1. නෙද්දකින් කසිප්පුවෝ.....

    කසිප්පු පොඩ්ඩා..... :D

    ReplyDelete
  2. අපෝ එහෙම කියන්න එපා අයියා , දැන් අපි හැදිලා..!!

    ReplyDelete
  3. "කොහෙමෙන් හරි එදයි පස්සේ අද වෙනතුරු ඔය මල ජරාව කටේ තිබ්බෙම නැහැ"
    අපිනං උත්සාහය ඇතෑරියේ නෑ.

    ReplyDelete
    Replies
    1. කටේ තියන්නේ නැහැ කෙලින්ම උගුරට හලගන්නවා.

      Delete
    2. උගුරට නෙවෙයි කෙලින්ම මගේ නම් බිව්වා ගමන් කුඩා මොලෙටත් ගියා වගේ දැනුනා ..!!

      Delete
  4. අන්න එහෙම තමයි මේ කාලේ වීර පුරුෂයෝ..!! :)) (ප.ලි නහයක් කටක් තියනවා නම් කොහොමද අයියේ ඔව්ව කටේ තියන්නේ )

    ReplyDelete
  5. මටත් බීලා බලන්න ඕන කමක් තියෙනවා ඒත් විශ්වාස වන්ත තැනකින් බඩු හම්බ වෙලා නැහැ
    ඕවා නම් ගෙදර හදාගෙන බොන එක හරිම භයානකයි පොඩ්ඩ එහා මෙහා උනාම වස වෙනවා නේද

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා එහම ව්ශ්වාස තැන තියනව කියල ෂුවර් නැහැ මචන්, මොනා උනත් ගෙදරදී හදන්න යන්න එපා බන්..!! අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. අඩුම ගානේ බඩ හරි යයි..!! අඩුම ගානේ දවසක් වත් පණ නැහැ බන්..!! හැබැයි ගහපු වෙලාවේ හෙන ආතල් බන්.. :))

      Delete
  6. බලාගෙන යද්දි අපි හොදයිනේ මේ පොඩ්ඩට වඩා..

    ReplyDelete
    Replies
    1. හා හා අපිත් දැන් හෙන හොදයි ..!!

      Delete
  7. ඊක්කා බං කසියා.. මගෙ කට ඇද වුනා..

    ReplyDelete
    Replies
    1. එහෙනම් සැමියෝ කලින් ඩෙෆා චෙක් කොරන්න හරි කටේ තියලා ඇති..!! :))

      Delete
  8. // අයෙ නම් මලාට ඔය ජරාව බොන්නේ නැහැ හිතුනා ඒ වෙලේ , ඉතින් ඔරිමජිනල් බඩුත් චෙක් කරන්න එපයි

    සික්කේ මෙහෙමත් උන් කටේ තියන්නේ නෑ කියලා හිතිල විනාඩියක් ගියේ නෑ..

    ReplyDelete
    Replies
    1. හික්ස් හී හී එහම තමයි බන්..!! පොඩ්ඩක් චෙක් කොරලා බලන්නත් එපයි... හැබැයි අයෙ නම මලාට බොන්නේ නැහැ බන්..!!! :))

      Delete
  9. හී හී.. ඔන්න මාත් ආවා.. මටත් මතකයි ලැබ් එකෙ තියාගෙන පැසෙව්වා... ජය වේවා..!!!

    ReplyDelete
    Replies
    1. එකනේ මොනවා අමතක උනත් ඔව්වා අමතක වෙනවද නේ ..?? බොහොම ඉස්තුතියි මචං මේ පැත්තේ ආවාට අයෙමත් ඇවිත් යන්න එන්න ..!!

      Delete
  10. මගේ යාලුවෝ වගයක් හැදුව ඒත් වුන් බෙවුවේ නැහැ ඉස්කෝල වත්තේ ඉන්න බල්ලෙක්ට පෙවුවා.දවස ගානක් යනකන් බලල දැක්කේ නැහැ.

    ReplyDelete
  11. හික්ස් බල්ලා එහෙනම් මෙලෙහකට පරලොව යන්න ඇති , ඇත්තට බලහන්කො නේ එක ෂොට් එක්ක පවර් එක ..!!

    ReplyDelete
  12. හයියෝ............
    හැබැයි ආතල් එක හිතාගන්න පුළුවන් කියවල බලද්දි

    ReplyDelete
  13. හම්මේ ඒ ගැන නම් කවර කතාද අයියේ ...!!, සැප කනේ ..

    ReplyDelete
  14. ඉඳලා ඉඳලා සුපිරි එකෙන් ම දීලා වගේ!! හෙක් හෙක්!

    ReplyDelete
  15. ටෙස්ට් කොරන්න බන් හැදුවේ..!! පොඩ්ඩක් එහෙ මෙහෙ උනා ....!!

    ReplyDelete
  16. හදපු විදිය වැරදියි වගේ, කළවන් කළා මිසක් ඩිස්ටිල් කල බවක් සඳහන් වෙලා නැති නිසා එහෙම කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. හික්ස් දෙඵා වැරදි ඇති ඔබා මාමේ ..!! අයෙ අහන්නත් දෙයක් ද නැත්නම් මෙහෙම අලකලංචියක් වෙයි ද ..??

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete