Wednesday, May 23, 2012

සෝඩියම් කැටයක් දුන් ආතල් එක


සැහෙන කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා ..!! මේ කෙහෙමල් විභාගත් එක්ක වැඩ කෝටියකට හිර වෙලා හිටියා , කොහොම හරි නොනිල වශයෙන් අද නිවාඩු ලැබුනා, එත් වැඩ තිබේ කෝටියකට 


කොහොමද හරි අද මම මේ කියන්න යන සීන් එකත් උනේ අපි අපොස උ.පෙල කොරන කාලේ , දන්නවා නේ  ඉතින් පටන් ගත්ත මුල කස්ටියගේ තියන කැපවීම , හරිය A 3 අතේ තියන් වගේ නේ වැඩ කොරන්නේ , අපිත් එවුනුත්  ඉතින්  ඒකාලේ  lab එහෙමත් ගියාලු ..!!  මේ සිද්දියත් උනේ ඔය ගිය ලැබ එකක මුල් කාලේ .(පස්සේ කාලේ නම් අපි ඕකට රිගුවේ ගෙදර ගෙන්න මොනව හරි උසන්න තමා )

 කස්ටියට මතක ඇති අර chemistry practical වල  මුලින්ම තිබ්බ සෝඩියම් කැට පරීක්ෂණය , ඔන්න ඉතින් අපේ පන්තියේ උන් groups වලට කඩලා එක එක සෙට් එක අර පරීක්ෂණය කරනවා. මෙන්න මේ වෙලේ  තමා මේසීන් එක උනේ. එකෙක් නැවිල පාටාංක ගන්නකොටම පුකේ තරමට මොලේ නැති එකෙක් වෙච්ච කඩඩා  අර සෝඩියම් කැටයක් පොඩි හැන්දෙන්  අරන් , අරුගේ නැවිලා තියන කලිසමේ පිටිපස්සෙන් දාල , මුටත් ඉතින් වැඩේ මිටර් වෙලා තියෙන්නේ ටිකක් වෙලා යනකොට තමා .එක පාරටම මේකා බෙරිහන් දීගෙන ලැබ එකන් එලියට දුවපි , අපේ උනුත් තක්කු මුක්කු වෙලා ඉන්නවා , අයි යකෝ මෙහෙමත් රෙන්ට බරක් හැදුනාම දුවනවද කියල (අපි හිතුවේ මුට බඩේ අමාරුවක් කියලා ), කොහොම හරි කඩඩා  ඉන්නවා හිනා වේවි , අපි අහපුවාම තමා සීන් එක කිව්වේ, මල හුටප්පරයයි , මේ ගොනා   වෙන්නේ මොනවද කියලා දන්නේ නැතිවනේ දාලා තියෙන්නේ . ඊට පස්සේ තමා මැරුම සීන් එක උනේ .

සෝඩියම් කැටේ පුකට වැටුන කමල් , දුවලා ගිහින් පුක සෝදාගෙන තියෙන්නේ වතුරෙන්, කස්ටිය ඉතින් දන්නවා නේ , සෝඩියම් වතුරට වැටුනාම වෙන වැඩේ, කොහෝ හරි අපි ඒ පැත්තට යනකොට මේකා ගියපු වේගෙන්ම ආයෙමත් පුක අල්ලාගෙන බෙරිහන් දීගෙන එනවා.., ඉන්න බෑ කියලා මේකා පුක අල්ලාගෙන කෑගහනවා, කොහොම හරි අන්තිමේදී මුව හොස්පිටල් ඇඩ්මිට් කොරන්න උනා , කොහොම හරි එහෙදි දන්නා අටමගුල් දාලා මුගේ පුක වණ නොවී බේරා ගත්තා. කොහොම හරි සති 2 ක් විතර කමල්  පුකේ ආමාරුවෙන් දුක් වින්ද බව ආරංචි උනා , මොකද   බඩ  කැට පුරා කෑවත් රෙන්න තියෙන්නේ එක තනි නේ .!! ඉතින් මක් කොරන්නද ..??මු සති දෙක තුනක්ම දුකට පුන් ගගහා හිටියාලු ...!!  කොහොම හරි කඩඩා  සතියක් විතර බයටම ඉස්කෝලේ ආවේ නැහැ...!!

10 comments:

  1. කඩ්ඩා මාර ඩයල් එකනේ.. ඔහොමත් ගේම් දෙනවද?

    ReplyDelete
  2. අනේද කියන්නේ බන් ..!! උගේ වැඩ කියනවා නම් වෙනම post දෙක තුනක් දාන්න වෙනවා ..!!

    ReplyDelete
  3. ඔන්න මමත් මේ පැත්තේ ආවා. මුළු බ්ලොග් එකම කියවලා ඉවරයි. දැන් ඉතින් නිතර මේ අහ එන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි මචං ආවාට ..!! අයෙමත් ඇවිත් යන්න එන්න ..!!

      Delete
  4. අප්පට සිරි. ඔයින් ගියා මැදැයි. අපිත් ඉස්සර හරි ආසයි ඔය සෝඩියම් කෑල්ලක් වතුරට දමල ප්‍රතික්‍රියා කරන හැටි බලන් ඉන්න. මම නම් කැමැත්තෙන් හිටියෙ ටිකක් ලොකු සෝඩියම් කෑල්ලක් වතුරට දාන්න. :D (කොහෙද අපේ එවුන්ගෙ හැටි දන්න නිසාම ලැබ් ඇසිස්ටනුයි, chemistry මිසුයි ඔය වගේ ඒව එළියට ගත්ත දවසට ඇහ ගහගෙන ඉන්නෙ)

    ReplyDelete
    Replies
    1. හික්ස්..!! බලන ගියාම කොහෙත් එක වගේ තමා නේ බන් ..!!

      Delete
  5. දෙන්නගෙම පුකේ අමාරුව හොඳ වුනාද?

    ReplyDelete
  6. හී හේ ..!! ඔව් ඔව් මචං ඔය හිටියේ දෙන්නම හොදට...!!

    ReplyDelete
  7. මොකද සද්දෙ වහල. ලියන්න අදහසක් නැත් ද?

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්ඩ ඕනේ මචං..!! මේ කෙහෙම්මල් වැඩ තොගයක් ස්ටෙලා කරමින් ඉන්නේ ...!!, ඉක්මනට ලියන්වෝ..!!

      Delete